Showing posts with label විනාස. Show all posts
Showing posts with label විනාස. Show all posts

Sunday, June 11, 2017

After flood crisis blog write - ගංවතුර අර්බුදයෙන් පසුව බ්ලොග් එකට ලිවීම


Past days I get more trubles with our vilage aria get flood. Lucky there my house save. But my crop ground get very damage. My plantasion crops most destoy with flood water. Past flood insidant also my crop ground get more damage. But this time it go hight up more. I have to all things recover in the begin now. After all this trubles this my blog write. I very sad about this things happan to people too. Lucky we get aid from garment. Thank to prasidant Mithripala Sirisena we now save. In this flood incidant garment do good work to save people. We must thank to garment do good work there. I get sad about I can't write blog this days.

පහුගිය දවස් ටිකේ මට හරි ප්‍රශ්න තිබුනා අපේ ගම් පලාත ගංවතුරට යට වීමත් එක්ක. වාසනාවට මගේ ගෙදර බේරුනා. හැබැයි මගේ වගා බිම් වලට දැඩි අලාභ හානි උනා. ගංවතුරෙන් මගේ වගාවල් ගොඩක් විනාස උනා. ගිය වතාවේ ගං වතුරටත් මගේ වගා වලට හානි උනා. නමුත් මේ වතාවේ ඒ හානිය තරමක් ඉහල ගියා. මට මුල ඉඳලම මේ දේවල් නැවත මුල් තත්වයට ගේන්න වෙලා තියෙන්නේ. සේරම ප්‍රශ්න වලට පස්සේ ලියන බ්ලොග් පෝස්ට් එක තමයි මේ. මිනිස්සුන්ට වෙච්ච මේ විපත ගැනත් මට හරිම කනගාටුයි. වාසනාවට අපට ආණ්ඩුවේ ආධාර ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ස්තූතිවන්ත වෙනවා මොකද අපි බේරුන එකට. මේ ගංවතුර සිද්දියේදි මිනිස්සු බේරගන්න ආණ්ඩුව ලොකු වැඩ කොටසක් කරා. අපි ඒ ගැන ආණ්ඩුවට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේ දවස් වල බ්ලොග් එක ලියන්න බැරි උන එක ගැන මම කනගාටු වෙනවා.


Monday, May 30, 2016

I come agane - මම ආයෙමත් ආවා


Past week friday I go home and today I come agane. Sateday and sunday I there home. I go home and I see my land and plantasion. Very sad it my pantasion lots damage do bad wether. Luky there no flud. But hard rain and fast wind do some damege. There lots my banana trees fel down. Erth wash go and coconut trees two three fel down. I til no calculation lost plant valive. Anyway now no anything to do. I now have plant some trees agane. How ever I now come agane and write blog. I know lots people like to reed my blog.

පහුගිය සතියේ මම ගෙදර ගිහින් ආයෙමත් අද ආවා. සෙනසුරාදා ඉරිදා මම ගෙදර හිටියේ. මම ගෙදර ගිහින් මගේ ඉඩමයි වගාවයි බලන්න ගියා. හරිම කනගාටුදායක තත්වයක් තිබුණේ නරක කාලගුනේ වගාවට ගොඩක් හානි කරල තිබුනා. වාසනාවට ගංවතුර තිබුනේ නෑ. නමුත් තද වැස්සයි හුලඟයි අලාභ හානි කරල තිබුණා. මගේ කෙහෙල් ගස් ගොඩක් කඩා වැටිලා. පස් හෝදන ගිහිල්ලා පොල් ගසුත් දෙක තුනක් වැටිල තිබුනා.මම තාමත් ගස්වල පාඩුව ගනන් බැලුවේ නෑ. කොහොමත් දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මට ආයෙමත් ගස් ටිකක් හිටවන්නයි වෙන්නේ. කොහොම උනත් දැන් මම බ්ලොග් එක ලියන්න ආවා.මම දන්නවා මගේ බ්ලොග් එකට ගොඩදෙනෙක් කැමතියි.