Sunday, July 16, 2017

What the sham mr Wijedasa - මොන ලැජ්ජාවක්ද විජේදාස මහත්තයෝ


Now days lot things hapan in garment and politic. Past day we see intenational forin oficer UN Bend Emersan come to our cuntry to see war crime serch  report. We here our cort ministar Wijedasa Rajapaksha blame to that forin oficer and drive avay. What this hapan things? This the yahapalanaya? UN oficer do rigt things to serch war crimes and punish falty people. Why our cort ministar take angry. There no resan to minister take angry. Becase this is yahapalanaya. Cort minister  past days protect  sinhala racism groups too. He talk aganst only minority politic groups and aligate racism. What the shame this things? War crims serch and punish falty people must hapan thing. Actualy yahapalanaya and garment must giev help forign UN oficer to do duty. What shame thing the Wijedasa ministar do. We here he tel UN oficer the garment protect army and no war crimes serch. Now our cort ministar go racism road. We all people know he the " Colombo intaligen man " This no exept garment frendly people. Now what the hapans, ministar is be the " Colombo fool man " This things give suport to Mahinda people and sinhala racism people only. This ministar derty the garment now. What the shame?

මේ දවස් වල රජයේ සහ දේශපාලනය තුල බොහෝ දේ සිදු වෙමින් පවතිනවා. පහුගිය දා අපි දැක්කා  ජාත්‍යන්තරයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරියෙක් යුධ අපරාද විමර්ශන වල වාර්තා ගැන හොයල බලන්න ලංකාවට ඇවිල්ල තියෙනවා. අපට අහන්න ලැබුණේ අපේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ නිලධාරියාට බැනල එලවගත්තා කියලා. මොනවද මේ වෙන්නේ? මේකද යහපාලනේ? එක්සත් ජාතීගේ සංවිධානේ නිලධාරියා කරන්නේ හරි දෙයක් ඒ යුධ අපරාධ ගැන හොයල බලලා වැරදි කාරයන්ට දඬුවම් කරන එක. අපේ අධිකරණ ඇමතිවරයා ඇයි තරහ ගන්නේ. ඇමතිවරයාට තරහ ගන්න හේතුවක් නෑ. මොකද මේක යහපාලනය. පහුගිය දවස් වල අධිකරණ ඇමතිවරයා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. ඔහු සුළු ජන දේශපාලන කණ්ඩායම් වලට විරුද්ධව විතරක් කතා කරමින් ජාතිවාදී චෝදනා එල්ල කළා. මේ මොන ලැජ්ජාවක්ද? යුධ අපරාධ හොයල වැරදිකාරයන්ට දඬුවම් කරන එක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඇත්තටම යහපාලන රජය එක්සත් ජාතීගේ විදෙස් නියෝජිතයට රාජකාරිය කරන්න සහය දිය යුතුයි. විජේදාස ඇමතිවරයා කරන්නේ මොන ලැජ්ජාසහගත වැඩක්ද? අපට අහන්න ලැබුණා ඇමතිවරයා කිවුවලු යුධ අපරාධ වෙලා නෑ අපි අපේ හමුදාව ආරක්ෂා කරනව කියලා. දැන අපේ අධිකරණ ඇමතිතුමා යන්නේ ජාතිවාදී පාරේ. අපි ඔක්කොම දැනගෙන හිටියේ එතුමා " කොළඹ ප්‍රඥ්ඥයා " කියලා. රජයට හිතවත් ජනතාව මේව අනුමත කරන්නේ නෑ. දැන් මොකද වෙන්නේ ඇමතිතුමා " කොළඹ මෝඩයා " වෙන එක. මේ දේවල් වලින් හොර මහින්දටයි සිංහල ජාතිවාදීන්ටයි උදවු ලැබෙන එක විතරයි වෙන්නේ. මේ ඇමති රජය අපවිත්‍ර කරනවා. මොන ලැජ්ජාවක්ද මේක?