Showing posts with label වෙසක්. Show all posts
Showing posts with label වෙසක්. Show all posts

Saturday, May 21, 2016

වෙසක් සැමරීම කෙසේ විය යුතුද?


වෙසක් පෝය නිමිත්තෙන් රටම වෙසක් සමරති. බහුතර බෞද්ධ ජනයා උත්කර්ශවත් ලෙස වෙසක් මංගල්ලය සමරන බව රහසක් නොවේ. මෙය ඉතිහාසය පුරාම සිදුවේ. ඒත් මේ ගැන අළුත් දෙයක් කියන්න මම කැමතියි. අපේ රටේ බෞද්ධ ජනතාවට අමතරව හින්දු ඉස්ලාමීය ක්‍රිස්තියානි විවිධ ජන කොටස් සිටිනවා. මේ අය වෙසක් සමරන්නේ නෑ. මේ අයට විශේෂ දිනයක් නොවන වෙසක් දවසේ අපි බෞද්ධ ජනතාව මහත් උත්කර්ශවත් ලෙස රට පුරා වෙසක් සමරන විට වෙසක් දවස විශේෂ උත්සවයක් නොවන අනෙක් ආගමිකයන්ට එක්තරා විදිහකට සිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද බෞද්ධ ජනතාව රටේ විශාල පිරිසක් සිටින නිසා. මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි සර්ව ආගමික ප්‍රතිපත්තිය අනුව වෙසක් දවස එක්කෝ මහා ලොකුවට උත්කර්ශයෙන් සමරන්නේ නැතුව පොඩිවට කරන්න ඕනේ. එහෙම නැත්තන් අපේ රටේ ජීවත් වන අනෙක් ආගම් අදහන අයගේ ආගමික උත්සවත් බෞද්ධයන් ඇතුළු අපිත් එකතු වෙලා වෙසක් වගේම උත්කර්ශයෙන් සමරන්න ඕනේ. එතකොට අපිට සියළු ආගම් අතර සහජීවනය ඇති කරන්න පුළුවන්.